හදවත සිසාරා ඇදෙන සිතුවිලි සමුදායකින් අප වෙලා ඇත. කතා කරන්නට ලියා තබන්නට බොහෝ දේ අපට ඉතිරිව ඇත. කාලයත් සමඟ සමහර දෙවල් අපට ඉතිරි කරන්නේ මතකයන් පමණි. අප නොසිතන දේවල් අප නොසිතන වෙලේ සිදු වෙයි. සමහර දෙවල් වල සුන්දරත්වය ගැබ්ව තිබුණද තවත් විටෙක ඇත්තේ සෝ සුසුම් පමණි.
හදවතක් පුරා අවුස්සමින් ලියා තබන්නට කොතේකුත් දේ තිබේද? ඔබටත් මටත් කියන්න දේවල් බොහෝ තිබේද? අපි කුවුරුත් සමහර දේවල් සිත තුල හංගාගෙන දුක් වන්නේමු. විටෙන සුතුටු වෙන්නෙමු. සිනා සී ලොව ලොව දෙස බලන්න ඇත්නම් කොතරම් හොඳද? සෑම දෙයක්ම පටන් ගෙන ඉවර වී නැතිව යයි. ඒ ඉවර වීමත් සමඟ තවත් දෙයක් යලි උපදි.
ජීවිතයේ සමහර තැන් වල සුන්දර දේවල් ඇත. නව යොවුන් වියත් සමඟ අප පැමිනෙන්නේ එක්තරා සුන්දර ලෝකයකටය. අපි ඒ දෙවල් සමඟ අත් වැල් බැඳගෙන යන්නේමු. අපට සිතෙන අපට දැනෙන සුන්දර දේවල් මේ අවදියෙදි අප කරා ඈදි එයි. ළමා ලොකයෙන් වෙනස් ලෝකයක ඔබ අප සැම යොවුන් වියත් සමඟ සැරිසරන්නේමු. නොහුරු නොපුරුදු දේවල් සමඟ අපි ගැටෙන්නේ ඉතා ආසාවෙනි. ජීවිතයේ කවදාවත් නොලබපු දේවල් සොයා යන්නේ නියැතෙනි.
සෑම ලෙසින්ම සෑම දෙයක් ගැනම හොඳ අවබොදයක් තිබේ නම් එය වටින්නේය. එහෙත් සමහර දේවල් වලට අපි වහල් වී වැඩ කරන්නේමු. සමහර විට අපි හඬා වැටෙන්නේමු. නමුත් ලැබෙන දෙයක් සතුටින් විදිය හැකි නම් කොතරම් අඟනා වන්නේද?
මා හට මගේ ජීවිතයේ එක්තරා සිදු වීමක් මතකයට නැගේ. එය විටෙක සිතට නැගි විටෙක නැතිව යයි. එහෙත් ඒ සිදු වීම තුල මා ජීවිතය ගොඩක් වෙනසකට පත් කර ඇත් දැයි සිතේ. එනමුත් සමහර දෙවල් අපි උපෙක්ඛාවෙන් බාර ගත යුතුය.
මගේ මතකය අතීතයට ගෙන යනවා නම් එය 2006 වර්ෂයේ එක්තරා දිනයක් විය. මේ කාලයේ පන්තිවල ලමයින් ක්රිඩා වලට පුහුණු වන කාලය විය. මේ මා කියන සිදු සිදු වීම පටන් ගත්තේ ඒ කාලයේදිය. අපේ පංතියට එදා දවසේ හිස් කාල පරිඡ්ඡේදයක් විය. මමත් තවත් යහලුවන් කිහිප දෙනෙක් පිට්ටනියට ගියෙමි. පංතියේ ගුරුවරු නැති වන විට පිට්ටනියකට යාමට අපේ පංතියේ ලමයි පුරුදුව සිටි. අපේ පංතියට ටිකක් ආසන්නව පිට්ටනිය පිහිටා ඇත. පිට්ටනිය අයිනේ අපේ පංතිය පැත්තට වෙන්න උණ පඳුරක් තිබෙයි. ඒ උණ පඳුර අසල අපේ පංතියේ කොල්ලෝ නිතරම කතා කර කර කාලය ගෙවන්න පුරුදුව සිටියෝය.
මමත්අනෙක් යහලුවන් කිහිපදෙනෙක් මා පෙර කී උණ පඳුර අසලට ආවෙමු. ඒ අසල බිම පිට්ටනියේ පුංචි නංගිලා දෙන්නෙක් ඉදගෙන සිටියේය.
“ඩිලාන් අර කෙල්ල හොඳයි නේද?” මම එතන සිටි සුදු උස ටිකක් අඩු ටිකක් කෙට්ටු පුංචි නංගි පෙන්වා කීවෙමි. “ටොක් කරපන් බන් කෙල්ලට”
මම අපේ පංතියේ මිටිම කොල්ලා වන ඩිලාන්ට එම පුංචි නංගියාව පෙන්වා කීවේ ඔහුත් උස නැති නිසාය. එහෙත් සිදු වුයේ වෙන දෙයකි.
“නංගි මේ ප්රගීත් අයියා කතා කරනවා.” මටත් උණේ මාර වැඩේ. මිනිහාට කීව කෙල්ලට. මු කතාව මාගෙ පැත්තට හැරෙව්වේ නැද්ද? කොහොම හරි වැඩේ මගෙ පිටට වැටුනේ.
අනෙක් අයත් මගෙ නම කිය කියා ඒ පුංචි නංගියාට එක එක දෙවල් කීවේය. ඒ නංගිත් අනෙක් නංගිලාත් එයාලා සිටි තැනින් ඉවත් වෙලා ක්රිඩාගාරය දෙසට ගියෝය. කෙසේ වෙතත් අපිට ක්රිඩාගාරය දෙසට නිකමට ගියෙමු. එහෙත් අපි කවුරුවත් ඒ පුංචි නංගිලා පස්සේ නොගියෙමු. නමුත් සිදු වූයේ ඊට සමාන දෙයකි.
අපි ක්රිඩාගාරය ගිය පසු ඒ නංගිලා ටික අපේ කට්ටිය මන් ගැන කිය කියා එක එක දෙවල් කියන්න උන නිසා එයාලා කිඩාගාරයෙන් ඉවත් වෙලා පිට්ටනියට ගියෝය. නංගිලා පිට්ටනිය වෙලා එයාලා ගෙනා බත් මුල් ලෙහාගෙන කන්න පටන් ගත්තා. අපේ කට්ටියගෙ කට නම් අඩු උනේ නෑ.
“නංගි මේ ප්රගීත් අයියා බත් කන්න එන්නද කියලා අහනවා.” ඩිලාන් කීවේය.
“අනේ පලයන් බං යන්න.” මම කිවේමි. “බොරු නොකියලා.”
මගෙ යාලුවෝ කට්ටිය ඒ නංගිලාට ඉන්න දුන්නේම නෑ. මගෙ නම කිය කියා එක දෙවල් කියන්න වුනා. අනේ මන්දා මොනවා කරන්නද? මම කට වහගෙන හිටියා
එහෙත් එදා මගෙ හිතේ ඒ පුංචි නංගි ගැන කිසිම හැගීමක් ඇති උනේ නෑ. ඒ වගේම මගෙ හිතේ තිබ්බේ ඩිලාන් කියන යාලුවා අර පංචි කෙල්ලට ටොක් කරනවා දකින්න. මොන දේ වුනත් සිදු වූයේ සියල්ලම අනේක් පැත්ත පෙරලීමය.
ඒ සුදු නංගියා දකින හැම පාරකම අපේ පංතියේ කොල්ලෝ මගෙ නම ඇයට ඇහෙන්න කියන්න පුරුදුව සිටියේය. පංතියේ පංතියේ සියලු දෙනාම මගෙ නම කියා කියා ඒ නංගියාව දකින හැම වෙලාවකම මාව බයිට් කරන්න විය.
ඒ පුංචි නංගියා පාසලේ නෙට් බොල් ටීම් එකේ සෙල්ළම් කළාය. පිට පාසල් එක්ක නෙට් බොල් තරඟයක් එක දවකස අපේ පාසලේ පැවැතුවේය. මේ තරඟ අතර අර පුංචි නංගියාගෙ නෙට් බොල් ටීම් එක්ක වෙන පාසලක් සමඟ තරඟයක් කරන්න විය. අපෙ පංතියේ කට්ටියද අහබෙන් වගෙ එතෙන තරඟය නරබන්න සේට් විය.
“ප්රගීත් ගේ කෑලත් සෙල්ලම් කරන්නේ” එක යාලුවෙක් කීවේය.
“හොඳට බෝල අල්ලන පුලුවන්නේ ප්රගීත්ගෙ කෑල්ලට” තවත් කෙනෙක් කීවේය.
“නංගි කමොන්” සංක කීවේය.
ඔයා කීවාට මොකද අපේ කොල්ලෝ අත්පුඩි ගසලා කෑ ගහලා නංගිලාට ලොකු සහයෝගයක් දුන්නේය. ඒ උනාට මට නම් වස ලැජ්ජාව. කොල්ලෝ මගෙ නම කියලා කෑගහනවානේ. ගොඩාක් කට්ටිය පිරිලා තරඟය බලන්න. මොනවා කරන්නද මමත් සද්ද නැතිව හිටියා. එසේ එක එක දෙවල් කියලා එදා මාව බයිට් එකට ගත්තේය. ඔහුන් මගෙ නම පට බැඳ ඒ නංගිවට එක එක දේවල් කීවද මගේ හිතේ කිසිම හැඟිමක් ඇය ගැන ඇති වෙලා තිබ්බේ නෑ.
තවත් දවසක මා පෙර කී පිට්ටනියේ ඇති උණ පඳුරු අසල පුංචි නංගි එයාලාගේ පංතියේ යාලුවන් සමඟ කතා කරමින් සිටියාය. අපේ කට්ටියත් මාත් එතනට සෙට් උනේ අහම්බෙන්ය. එදාද අපේ කට්ටිය ඒ සුදු නංගියාට ඇසෙන ලෙස මගේ නම කියා එක එක දේවල් කියන්න විය.
එහෙත් එදා මා පැහැදලි වෙනසක් ඇගෙන් දැක්කේය. මඳක් ලැජ්ජාවෙන් ඇය ඇඹරෙන්න විය. එපමණක් නොව ඇගේ යාලුවෝද මං දෙහා බලා සිනා වෙලා ඇයට මොනවද කීවා. මට නම් ටිකක් මොකද්ද වගේ. ටිකක් ලැජ්වක් හිතුනා. බොරු කියන්නේ මොකටද මම අනෙක් පැත්ත හැරි යාලුවන් සමඟ කතා කරනවා වගෙ සැඟවෙන්න අනෙක් පැත්ත හැරි සිටියෙමි.
මම ඇය දෙස කිහිප වරක් අනෙක් ඇයට හොරෙන් බැලුවෙමි. ඇයට ටෝක් කරන්නට තියෙනවා නම් හොඳයි කියා සිත කීවත් ඇයට දැනෙන ලෙස ඇය දෙස බැලුවේ නැත. අනික ඒ නංගියාව සිතේ මවා ගෑනීමට මට උවමනාවක්ද නැත.
සිත පුරා කිසිම විටෙක ආදරණීය හැගිම් ඇය ගැන ඇති උනේ නෑ. සමහර විට ඇය යාලු කර ගැනීමට මට හැකි නොවේ යැයි සිතුන නිසා විය හැක. අනේ මන්දා. කොහොමත් මා සිතුවේද සියල්ල අමතක කර දමන්නය. ඒ නිසාම ඈ ගැන අදහසක් මා සිත තුලට ආවේ නැත.
මා පාසලේ අපේ පංතියේ යාලුවන් ඇසරු කලාට එතරම් ලඟ සම්බන්දතා ඔහුන් සමඟ තිබුණේ නැත. ලඟින්ම ඇසුරු කලේ සුමින්දය. ඔහු නම් මහ පිස්සු පොරක්. හොඳට ඉගෙන ගන්න මිනිහට පුලුවන් උනත් ඉගෙන ගන්න එතරම් උනන්දුවක් දැක් වූයේ නැත.
යම් තරමක හෝ ඇයට ටොක් කර යාලු කර ගැනීමට අදහසක් තිබුණද මා හට ඒ ගැන කියන්න යාලුවෙක් හිටියේ නැත. එහෙම යාලුවන් සිටියද සිත තුල එවැනි අදහසක් යාලුවන් සමඟහුවමාරු කර ගන්න තරම් තත්ත්වය මා සිටියේ නැත. ඇත්තටම සිදු වුයේ නිහඬව කාලය ගෙවි යාමය.
කාලය කෙමෙන් කෙමෙන් ගෙවි ගියේය. සිතද කෙමෙන් කෙමෙන් වෙනස් විය. එහෙත් එක් දිනක මට මෙසේ සිතුනි. මට ඒ වන විටත් ඇයගෙ සිත තුල මා ගැන යම් අදහසක් ඇති බව යන්තම් මා හට වැටහී තිබුණේය. මා නොකල එකම දේ ඇයට සිතින් ආදරේ කිරීමය.
මම නිකමට මෙන් ඇය යාලු කර ගන්න ඕන කියලා මට සිතුනි. මම දන්නේ නෑ ඇයි එක පාරටම මට මෙහෙම සිතුනේ ඇයි කියලා. ඒ කාලය වන විට මා කිසිම කෙල්ලෙක් සමඟ යාලු වී නොසිටියෙමි. මා ඇසුරු කල යාලුවන් කෙල්ලන් එක්ක යාලු වන විටද මට එවැනි අදහසක් සිතේ තුබුණේ නැත.
කෙසේ වෙතත් මට ඇය යාලු කර ගන්න ඕන කියන අදහස තිබුණේය. එහෙත් එය කරන්නේ කොහොමද කියලා මට අදහසක් තිබුණේ නැත. ඒ කාලයයේ මම නිශාන්ත කියන බයෝ ක්ලාස් එකේ යාලුවෙක් එක්ක ටිකක් හොඳ සම්බන්දයක් තිබුණේය. ඔහු නම් කෙල්ලන් යාලු කර ගන්න හොඳ හැකියාවක් තිබුණ කෙනෙක් විය. ඒ කාලයේ එක කෙල්ලෙක් එක්ක යාලු වෙලා සිටියද ඔහු තවත් කෙල්ලෙක්ට ලයින් එකක් දමමින් සිටියේය.
පන්තියේ යාලුවන් සමඟ ලගින් ඇසුරු නොකළ නිසා ඔහුන්ට මේ ගැන කීමට මම මැලි විමි. ඔහුන් සමඟ ලඟ සම්බන්ධකම් තිබුනේ නැත්තේද මම වෙන පාසලක සිට මේ ඉස්කොලෙට උසස් පෙල කරන්න ආව නිසාය. ඒ වගේම ඒ කාලයේ මමද සමාජයත් එක්ක එච්චර හොඳ සම්බන්දතාවක් තිබුනේ නැත.
කොහොම හරි මම නිශාන්තට කෙල්ලක් ඉන්නවා ටිකක් ලයින් එකක් දාලා බලන්න ඕන කියලා කීවෙමි. ඒ කෙල්ල පස්සෙන් යන් කියලා මන් ඔහුට කීවා. නිශාන්තත් ඒකට කැමති උණාට එතරම් ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැත.
කොහොම කොහොම හරි අපි දෙන්නා දවසක මං කියපු ඒ පංචි සුදු නංගියාව පස්සෙන් ගියා. ඉස්කොලේ ඇරිලා අපි ගියේ මුස්ලිම් ගෙවල් අස්සෙන් ඉස්කෝලෙට යන්නතියෙන පාරේ. ඒ පාර වැටෙන්නේ පොල්ගහවෙල පරණ ටවුමේ බෝ ගහ යටටය.
අර නංගියා යන්නෙත් ඒ පාර දිගේ. ඒ පාර දිගේ ඉස්කොලේ ඇරිලා එදා මමයි නිශාන්තයි පුංචි නංගියාව පස්සෙන් ගියා. මොන හේතුවක්ද දන්නේ නෑ ඒදා වහින දවසක්. අපි දෙන්න ලඟ කුඩයක් තිබ්බේ නෑ. අර
නංගියාවයි යුලුවන්වයි ඉස්සරහයින් යනවා. අපි දෙන්නා මද වැස්සේ තෙමි තෙමි පස්සෙන් යනවා.
“ස්ස් ස්ස්” නිශාන්ත අර නංගිවාට ඇසෙන ලෙස කටින් ශබ්ධ කළේය. මිණිහාට කොහොමත් කෙල්ලන්ට කතා කරන්න හොඳ හැකියාවක් තියෙනවා. ඇය ඇඔරි හැරි බැලුවාය.
“නංගි ප්රගීත් අයියා කතා කරනවා.” නිශාන්ත එකපාරටම කීවේය.
“කට වහාගෙන හිටපන් බං” මම කීවෙමි.
“නංගි ප්රගීත් අයියා තෙමෙනවා. කුඩේ දෙනවද?” ඇයගෙන් නිශාන්ත කුඩේ ඉල්ලුවේය. “ප්රගිත් අයියා කුඩේ ඉල්ලනවා නංගි”
පුංචි නංගියාව මදක් නැනතුනේය. මම ඒ වන විටත් අඩි තිහක් විතර පසු පසින් සිටියේ. නිශාන්ත සිටියේ ඇයට මදක් කිට්ටුවය. ඇගේ යාලුවන් අපි දෙහා බලලා සිනාසුණෝය. ඇය තප්පර කිහිපයක් අපි දෙහා බලා සිටියේය. ඇගේ මුහුනේ අපි දෙන්නා තෙමෙන එක ගැන දුකක් ඇති වූ සේයාවක් පෙනෙන්න විය. පසුව ඇය ඇගේ කුඩුය අපි දෙහාට දික් කලාය.
“කුඩේ ගනින් ප්රගීත්” නිශාන්ත මට කීවේය.
මම ලැජ්ජාවෙන් බිම බලා ගත්තේමි. “ උබ අරන් වරෙන්කෝ කුඩේ.” නිශාන්ත ගිහින් කුඩය අරන් ආවේය.
පසුව අපි ඇය පස්සෙන් කුඩෙත් ඉහලගෙන ගියෙමු. ඇය මට දුන්නේ ඇගෙම කුඩයය. ඇය යාලුවෙක්ගේ කුඩය යට ගියාය. නමුත් පාරේ ඉස්සරහට යන විට පාසල් ලමුන් ගොඩාක් පාරේ ගමන් කලහ. මමයි නිශාන්තයි මදක් පසු විය. එබැවින් අපිට ඇය මග හැරුනේය. ඇය අපිට ඉස්සෙල්ලා ගියාය.
පුංචි නංගියාව අපි පොල්ගහවෙල බෝ ගහ යටට යන විට ඇය එතන සිටගෙන සිටියේය. දැන් වැස්ස ඉවරය.
“මචං මේ කුඩේ දියන්” මම නිශාන්තට කීවෙමි.
“ උබ ගිහින් දියන්”
මිනිහා මටම කුඩේ ගිහින් දෙන්න කියනවා. මටත් කර ගන්න දෙයක් නෑ. මොක්ද වගේ. මොනවා කරන්නද මං ගිහින් ඇයට කුඩේ දිලා අපි ස්ටෑන්ඩ් එකට ගියෙමු.
මගෙ සිතටත් ටිකක් දැන් හොඳයි වැඩේ එච්චර අමාරු නැති ගානයි. මටත් ඉතින් ටිකක් හැපි. දැන් දැන් නම් මගේ සිත තුලත් ඇය ගැන අදහස් ඇති වෙමින් තුබුණේය. මටත් නොදැනිම සිත ඇය වෙත යන බව මේ සිදුවීමක් සමඟ මට දැනුනි. නිකමට වගෙ ඇ පස්සෙන් ගිය මගෙ සිතත් දැන් දැන් ඇය සොයනවා කියා මට සිතේ.
පසුවදාද පාසල් ඇරි අපි දෙන්නා ඇය පස්සෙන් ගියෙමු. එදා වැසි දවසක් උනාට ඒ වෙලාවේ වැස්ස තිබ්බේ නැත. එදා ඇය නම් හිතා මතාම පසල් ඇරි සෙමෙන් සෙමෙන් ගියාය. පාරේ අපි දෙගොල්ලයි තව ළමයි කිහිප දෙනෙක් හැරෙන්න අනෙක් ලමයි ගිහින්ය.
මට නම් හිතෙන්නේ ඇය යන එක ප්රමාද කරන්න ඇත්තේ අපි ඇය එක්ක කතා කරයි කියලා වෙන්න ඇති. ඇයද ඇඹරෙමෙන් ඉද හිට අපි දෙස හැරි බලයි. කොහොම කොහොම හරි බෝ බෝ ගහ යටට එන කොට වැස්ස වහින්න විය.
අපි පොල්ගහවෙල පරණ ටවුමේ බෝ ගහ යටට යන විට පුංචි නංගයා එතන විය. අපි ඇය පසු පස ගියත් වෙන වෙන විකාර වැඩ වලට නිශාන්ත හවුල් වන නිසා අපිට ඇය සමඟම යාමට බැරි විය. නිශාන් නම් මාර පොරක් මූ අදත් ඇගෙ ඉල්ලා ගත්තේය. කිසිදු පැකිලීමත් නොමැතිව ඇට අපිට කුඩය දුන්නාය. මම වැස්සට තෙමෙනවා දැකලා ඇයට දුක හිතෙන්න ඇති නේද?
එදා නම් මට මාර හැපි ඇත්තටම කීවොත් කියන්න බැරි තරම් සතුටක් මගේ හිතේ තිබුණා. මං ගෙදර ගියේ ඒ සතුටක් එක්කයි. කියන්නත් බැරි ලෙස සියල්ල මට ඕනෑ විදිහට සිදු විය. දැන් නම් කිසිම සැකයක් නෑ ඇය මට කැමති කියන එක ගැන. නැත් නම් මේ වගෙ මා හට කුඩේ දෙයිද?
ගෙදර ගිය මම පුංචි සුදු නංගියා දුන්න කුඩය වේලෙන්න කුඩේ තැබුවෙමි. කූඩය වේලුනු පසු මම කුඩය ලස්සනට නැමුවෙමි. ඇත්තට කීවොත් ගොඩාක් වෙලා ගියා කුඩය අකුලන්න. නොකිවාට මොකද මම ඒ කුඩය කිහිප වරක් මුහුණට තුරුලු කර ගත්තේමි. එදා රෑ පුරා ඇය ගැන මතකයන් අවදි කමින් මම නිදා ගත්තෙමි.
පසුදා පාසල් ඇරි යන විට මම ඇයට කුඩය දුන්නෙමි. ඇත්තටම ඇය ලඟ ලොකු සතුටක් තියෙන්න ඇති කියලා ඇගෙ ඇස් දෙකෙන් පෙනුනි.. මා ලඟත් එවැනිම සතුටක් තිබුණි. එහෙත් අපි අතර කිසිම කතාවක් නැත. ඇයට කුඩය දෙන අතරද මම ඇයට කතා නොකළෙමි. ඇයත් මමත් ලැජ්ජාවෙන් එකිනෙකා දෙහා බලා ගත්තා පමණි.
මතු සම්බන්දයි.
No comments:
Post a Comment