පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා උළෙල ලංකාවට නොලැබීම තමා ගොඩක් බ්ලොග් වල මාතෘකාව. මන් මේ ලියන කතාව නම් එයට අදාළ දෙයක් නෙමේ. මන් මේක කොහේ හරි කියවපු එකක්. ඔබත් සමහරවිට මෙය කියවා ඇති.
ඒක දිග අවමංගල පෙරහරක්. ඉදිරියෙන්ම ගියේ මිනී පෙට්ටිය රැගත් රථය. ඊට පිටිපස්සෙන් මිනිසෙක් සමග රෞධ්ර පෙනුමැති බල්ලෙක් ගමන් ගත්තා. ඊටත් පස්සේ දිගම දිග අවමංගල පෙරහැර. මිනිස්සු විශාල ප්රමාණයක් මේකට සහභාගී වෙලා සිටියහ. පාරේ ගමන් ගත්තු සංචාරක යුවලකට මෙච්චර විශාල අවමංගල පෙරහැර ගැන කුතුහලයක් ඇති උනා. අර බල්ලා සමග ගමන් ගත් මිනිසාට ලංවූ ඔවුන් මෙසේ ඇසුවා ” ඇත්තටම කාගේද මේ අවමගුල? ගොඩක් ප්රසිද්ධ කෙනෙකුගේද? “මේ මගේ නැන්දම්මා, මේ බල්ලා කාල නැන්දම්මා මැරුණා” මේක අහපු අර යුවලගේ පිරිමියා මෙසේ ඇසුවා. “අනේ මහත්තයෝ, මට බැරිද ටික දවසකට ඔය බල්ලව ගන්න” “උඹත් එහෙනම් ඔය පෝලිමට එකතු වෙයන්” බල්ලා සමග ගිය මිනිසා දිග අවමංගල පෙරහැර දෙසට අත දික් කරමින් පැවසුවා.
ඔබගේ බලා පොරොත්තු කඩ කළා නම් කමා කරන්න.
No comments:
Post a Comment